ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
උප්පැන්න, විවාහ, මරණ සහතික වල පිටපත් මාර්ගගතව ඉල්ලුම් කිරීම සදහා
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
හැඳින්වීම
අපගේ දැක්ම
ප්‍රාදේශීය මට්ටමේ සේවා සපයන විශිෂ්ටතම රාජ්‍ය ආයතනය බවට පත්වීම.අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සපයීම, සම්පත් සම්බන්ධිකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.කොට්ඨාශය පිළිබද තොරතුරු
දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහනවයෙන් සුවිශේෂී වු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ලෙස බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හැඳින්විය හැකිය. දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයෙන් සියයට දෙකක් (2%) ක් හිමිවන මෙම කොට්ඨාසය වර්ග කිලෝ මීටර තිස්පහයි දශම හයක (35.6) විශාලත්වයකින් හා හෙක්ටයාර් තුන්දහස් පන්සිය හැටක (3,560) භුමි ප්‍රමාණයකින් සමන්විත වේ.
අක්මීමණ මැතිවරණ කොට්ඨාසයේ බටහිර කොටසට අයත් වන බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උතුරින් හා ඊසාන දෙසින් බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා ගිං ගඟ ද නැගෙනහිරින් හා ගිනිකොණ දෙසින් අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ද දකුණින් හා බටහිර දෙසින් කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ද මායිම් වේ.
උතුරු අක්ෂාංශ 6-3 සිට 5-7 දක්වා ද නැගෙනහිර දේශාංශ 80-11-15 අතර පිහිටා ඇත. නිරිත දිග පහත් බිම් වලට අදාළ දේශගුණික ලක්ෂණවලින් හෙබි මෙම කොට්ඨාසයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක විසි හතයි දශම තුනයි එකකින් (27.31) යුක්ත වන අතර නිරිත දිග මෝසමින් වැඩි වර්ෂාපතනයක් ලැබේ.
ග්‍රාම නිලධාරී වසම් හතලිස් හතරකින් සමන්විත වන මෙම කොට්ඨාසයේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය ලෙස බෝපෙ පෝද්දල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය කටයුතු කරයි. ලබුදූව රජයේ ගොවිපල, විවෘත විශ්ව විද්‍යාලය, සිරිධම්ම විද්‍යාලය, ලබුදූව උසස් තාක්ෂණ ආයතනය, කෘෂිකර්ම විද්‍යාලය, ගොවිජන සේවා මධ්‍යස්ථානය, පොල් සංවර්ධන මණ්ඩලය, ඉංජිනේරු පීඨය, රුහුණු වෛද්‍ය පීඨය, රුහුණු (පෞද්ගලික) රෝහල, දක්ෂිණපාය පළාත් අමාත්‍ය සංකීර්ණය,රජයේ පශු වෛද්‍ය කාර්යාලය,සුළු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආදී වැදගත් ආයතන රැසක් මෙම කොට්ඨාසයේ පිහිටා ඇත. එසේම ගාල්ල ප්‍රධාන මාතෘ රෝහල ද මෙම කොට්ඨාසය තුළ ඉදිවෙමින් පවතී.
මෙම කොට්ඨාසයේ කෘෂි කර්මාන්තය සහ වෙනත් වගාවන් පිළිබඳ අවධානය යොමු කරද්දී වැඩි භූමි ප්‍රමාණයක් කෘෂි කර්මාන්තය සඳහා යොදවා ඇත.මෙයට අමතරව වී, පොල් , රබර්, එළවළු හා පලතුරු මෙන්ම සුළු අපනයන බෝග වගාවන්හි ද නිරත වේ.
2018 දී මුළු ජනගහනය 54377න් වැඩි අගයක් වන්නේ ස්ත්‍රී ජනගහනයයි. එය 28337ක් වේ . (52.11%) පුරුෂ ජනගහනය 26040 (48.89%) ක් ලෙසත් වාර්තා වි ඇත. 2018 සංඛ්‍යා ලේඛන තොරතුරුවලට අනුව කොට්ඨාසයේ ජනඝනත්වය වර්ග කිලෝමීටරයකට 1527 කි.
දරුවන්ගේ නැණ නුවණ පෑදීම සඳහා පාසල් 14ක් හා දහම් පාසල් 19ක් ද මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 36ක් ද කොට්ඨාසය තුළ පිහිටා ඇත.
රාජ්‍ය හා පෞද්ගලික අංශයෙහි සේවයෙහි නිරත වන ජන පිරිස් මෙන්ම වෘත්තීයමය රැකියා වශයෙන් පෙදරේරු, වඩු, විදුලි කාර්මික, කැටයම් ,මෝටර් රථ කාර්මික, ලී කැටයම් ආදි විවිධ ක්ෂේත්රයන් පුරා විහිදුනු ස්වයං රැකියාවන්හි නිරත ජන පිරිස් ද මෙම කොට්ඨාසයේ ජීවත් වෙති.
රජයේ කාර්යභාරය ඉටු කිරීමේ ප්‍රාදේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය පුරවැසියෙකුගේ උපතේ සිට මරණය දක්වා වු සෑම අවශ්‍යතාවයක්ම ඉටු කිරීමේ කාර්යය භාරයේ පුරෝගාමියා වේ. එම කාර්යය ඉටු කිරීමේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I වන පන්තියේ නිලධාරියෙකු ප්‍රාදේශීය ලේකම් වශයෙනුත් එම සේවයේ ම III පන්තියේ නිලධාරිනියක සහකාර ප්‍රාදේශීය ලේකම් වශයෙන් ද ගිණුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධාරිනියක ගණකාධිකාරී වශයෙන් ද සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරියෙකු සහකාර අධ්යක්ෂ (සැලසුම්) ලෙස ද ආයතන කටයුතු සහ පරිපාලන කටයුතු සඳහා පරිපාලන නිලධාරිනියක් ද ග්‍රාම නිලධාරීන්ගේ පරිපාලන කටයුතු සඳහා පරිපාලන ග්‍රාම නිලධාරීවරයෙක් ද ඇතුළුව බෝපෙ පෝද්දල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සමස්ථ කාර්ය මණ්ඩලය දෙසිය අනූ හයකි.
ආයතනයේ විකාශනය
ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ආදායම් නිලධාරි (DRO) කාර්යාලය 1974 වර්ෂයේ දී සේවා සැපයීමේ පහසුව සදහා බෝපෙ පෝද්දල හා අක්මිමණ වශයෙන් තවත් කොටස් දෙකකව වෙන් කර ඇත. ග්‍රාම නිලධාරි වසම් 44 කින් සමන්විත වූ බෝපෙ පොද්දල සහකාර ආණ්ඩුවේ ඒජන්ත කාර්යාලය එවකට ප්‍රදේශයේ දානපතියකු වූ එච්.ඩබ්.අමරසූරිය මැතිතුමාට අයත් වූ නිවසක ස්ථාපනය කරන ලදී. සිවිල් සේවයේ දිර්ඝ කාලයක් සේවය කොට අමාත්‍යාංශ ලේකම් වරයකු වශයෙන් විශ්‍රාම ලැබූ විජයානන්ද එල්ලාවල මහතා මෙහි සහකාර ආණ්ඩුවේ ඒජන්තවරයා විය
1972 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| විජයානන්ද එල්ලාවල මහතා | 1972 | 1978 |
| තිලක් හපන්ගම මහතා | 1978 | 1984 |
| එච්.පී.එම්.ජයවර්ධන මහතා | 1984 | 1990 |
| විජිත ජයසුන්දර මහතා | 1990 | 1994 |
| ඩබ්.ඩී.ගුණතිලක මහතා | 1994.09 | 1995.04 |
| කේ.ඒ.සිරිසේන මහතා | 1995.04 | 1996.03 |
| සී.එස්.ලොකු හෙට්ටි මහතා | 1996.04 | 2001.10 |
| ටියුඩර් කංකානම්ගේ මහතා | 2001.10 | 2002.07 |
| ඩී.කේ.එස්.අමරසිංහ මහතා | 2002.07 | 2004.11 |
| මාලනී පොකුපෝතාලම මහත්මිය | 2005.02 | 2012.01 |
| පී.එස්.ගුණවර්ධන මහතා |
2012.01 |
2013.08 |
| ලලින්ද ගමගේ මහතා | 2013.09.17 | 2019.08.27 |
| චන්දිම සී.මුහන්දිරම් මහතා | 2019.10.08 | 2020.11.16 |
| පී.ටී.ජාගොඩ මහත්මිය | 2020.11.20 | 2021.03.01 |
| ප්‍රභාෂි සී. විදානපතිරන මිය | 2021.03.02 | 2023 ජනවාරි |
| ඒල්.ඒන්.පියුමාලි ලියනෙග් මිය | 2023 අ ෙප්‍ර්ල් | ෙම් දක්වා |






















